අතීත මතකය
2022 වර්ෂය වන විට වසර 55ක් සම්පුර්ණ වී ඇති අ/රාජාංගනය යාය 13/14 මහසෙන් මහ විද්‍යාලය වර්ෂ 1967.05.17 දින ආරම්භ කරන ලදී.
අනුරාධපුර දිස්ත්‍රික්කය හා පුත්තලම දිස්ත්‍රික්කය වෙන්කරන පැරන්නන් විසින් ‘ගෝණ නදිය‘ යැයි නම් දෙන ලද එහෙත්, වර්ථමානයේ කළාඔය නම් ව්‍යවහාර වන කළාඔය නදිය ආසන්නයේ හෙවත් අනුරාධපුර බටහිර දොරටුවෙහි පුත්තලම අනුරාධපුර ප්‍රධනා මාර්ගයට මුහුණලා ඉතා සුවිශේෂි වූ භූමි භාගයක මෙම පාසල පිහිටා ඇත.ශ්‍රී ලංකාවේ මුල්ම ජනාවාස පැවති සාලිය අශෝක පුරාණයට ද හිමිකම් ඇති වූත්, මෑත අතීතයේ ශ්‍රී ලංකාවේ 60 දශකයේ ඇති වු ගොවි ජනපද ඇති කිරීමේ යෝධ ව්‍යාපාරයේ නිමැවුමක් වන රාජාංගනය ජලාශයෙන් යළි උපදින භූමියක උරුමය ඇත්තේය. උතුරු මැද හා වයඹ පළාත් මායිමට ආසන්නව පිහිටා ඇති බැවින් පෝෂිත කලාපය මෙම පළාත් දෙකෙහි මායිමෙන් වෙන් කර තැබීම ඉතා අසීරු කටයුත්තකි.1960 වර්ෂයෙහි මුල් භාගයෙහි හා 1950 දශකයේ මුල් භාගයේ දි ආරම්භ වු ගොවිජනපද ව්‍යාපාරයේ ඉදිකරීම් කටයුතු භාරව කටයුතු කළ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමෙන්තුව විසින් ශාලා දෙකක් සාදා නිමකර දීමට පෙර, කලාඔය ශ්‍රී බෝධිරාජාරාමාධිපති අමරපුර ශ්‍රී සද්ධම්ම වංශ මහ නිකායේ උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක ධූරයෙහි වැඩ විසූ ගරු කටයුතු කහවේ විමලසිරි හිමිපාණන් වහන්සේගේ බංකු 12ක පරිත්‍යාගයෙන් හා මූලිකත්වයෙන්, පොල් අතු මඩුවක මෙම පාසල ආරම්භ වූ වග ආරම්භ ලොග් සටහන් පොතෙහි සටහන්ව ඇත.ආරම්භක විදුහල්පති ලෙස එස්.පී. සමරක්කොඩි මයා ධුරයේ කටයුතුකර ඇත1968.01.27 වන විට 100X20 ස්ථීර ගොඩනැගිලි 2ක් සහ ගුරු නිවාස 3ක් පාසලේ අයිතියට පවරා ඇත. එවක පාසලේ සිටි ශිෂ්‍ය සංඛ්‍යාව 196ක් වු අතර ගුරු සංඛ්‍යාව 06කි.

1969 වර්ෂයේ ප්‍රථම වරට අ:පො:ස සා:පෙල(10 ශ්‍රේණිය) විභාගයට පෙනී සිටින ලදී.
1975.09.08 දින ලොග් සටහනට අනුව ගුරු සංඛ්‍යාව 15 ද, ශිෂ්‍ය සංඛ්‍යාව 410ක් ද බව දැක්වේ.
මෙලෙස වසර 55ක කාලයක් උභය පළාත් වාසී දරුවන්ට සිප් සතර ලබා දෙමින් විවිධ ජයග්‍රණ අත්පත් කර දී ඇත. දිවයිනනේ විවිධ පළාත් වල සිට සේවය සදහා පැමිණි විශාල උගත් බුද්ධිමත් ගුරු පිරිසක ගේ හා ධෛර්යමත් විදුහල්පති සහ අධ්‍යාපන නිලධාරීන්ගේ ද දෙමාපිය ප්‍රදේශවාසීන් ගේද , නොමද සංග්‍රහ ලබමින්, විද්‍යාලය,මහ විද්‍යාලය, නවෝද්‍යා විද්‍යාලය ලෙස නම් ලබමින් අභිමානවත්ව පැමිණි, ගමන අදවන විට , ජාතික පාසලක් බවට පත්ව ඇත.එම ගමනේ පුරෝගාමීන් වූ සැමට කෘතගුණය හිමිවන අතර දහසක් ජාතික පාසල් ව්‍යාපෘතිය උරට ගෙන වෙහෙසෙන සැමට ද එම කෘතගුණය පිරිනැමේ.මේ වන විට 3000කට ආසන්න සිසුන් පිරිසක් ප්‍රාථමික අධ්‍යාපනයේ සිට 13 වසර දක්වා අධ්‍යාපනය ලබන අතර ගුරුභවතුන් 83ක ප්‍රමාණයක් අධ්‍යන කටයුතු හා විෂය සමගාමී කටයුතුවල නිරතව ඇත. විවිධ කටයුතු වලදි උපන් හපන්කම් දැක්වීම තුළින් ප්‍රදේශයේ ජනප්‍රියම පාසල බවට පත්ව ඇත. ඒ සදහා ප්‍රවාහන පහසුකම් බහුල භූමියේ පිටීමද බලපාන ප්‍රධාන සාධකයකි.ඒ මෙන්ම සුවිශේෂී ගැටළු හා අභියෝග ද රාශියකි. පසුගිය වසර 10-15 ක කාලය තුළ ශිෂ්‍ය ප්‍රජාවේ අධික වර්ධනය නිසා පාසලේ භෞතික සම්පත්, මූලික ඉඩකඩ පහසුකම් නොමැති වීම ප්‍රධානම ගැටළුවයි. වසර 55කට පෙර ඉදිකළ ගොඩනැගිලි හා ඉන් පසුව ඉදි කළ ඒවාද අළුත්වැඩියා කිරීමේ අවශ්‍යතාව දැඩිව ඇත. දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් තාවතාලිකව සාදාගත් පංති කාමර සහ අඩක් නිම කළ ගොඩනැගිලි ද සහිතය. ඒ අනුව මෙම පාසලේ පංතිකාමර විශාල ප්‍රමාණයක සහ විෂය ඒකක විශාල ප්‍රමාණයක ඌණතාවක් පවතී. ඉගෙනුම් කාලය තුළ කාණ්ඩ විෂයයන් සදහා පංතිකාමරයක් හෝ ඉගෙනුම් ස්ථානයක් සොයාගැනීමට නොහැකිව විශාල කාලයක් අපතේ හරිති.සනීපාරක්ෂක කටයුතු සදහා 2800ක පමණ ප්‍රමාණයකට ඒකක ඇත්තේ ඒකක 10 ක් පමණි . 50:1 අනුපාතයට සැලකූ විට ඒකක 50කට ද අධික සංඛ්‍යාවක් තිබිය යුතුය. පවතින ඒවාද අබලන්ව පවතින අතර අඩක් නිම කරන ලද ඒවාද වේ.කාමර 4කින් යුත් මහල් විද්‍යාගාරයක් තිබුණ ද උසස් පෙළ විද්‍යා ,ගණිත පංති පැවැත්වීම සහ එක් කාමරයක පරිගණක ඉගැන්වීම සිදුවේ තාක්ෂණාගාරයක්ද නොමැති බැවින් උසස් පෙළ තාක්ෂණ විෂය හැදෑරමට ඇති ශිෂ්‍ය පෙළඹවීම ඉතා අඩු මට්ටමක පවතී. විද්‍යා අංශයේ ගුරු හිගය ද සුවිශේෂීම ගැටළුවකි.මෑත කාලීනව ක්‍රියාත්මක වූ කිසිදු ව්‍යාපෘතියකට අයත් නොවීමද මෙම සම්පත් ඌණතාවයට බලපෑ ප්‍රධාන කාරණයකි. එබැවින් මෙම සැලසුමෙහි දක්වා ඇත්තේ අත්‍යාවශ්‍යම අවශ්‍යතා බව අවධාරණය කරමි. භෞතික සම්පත් හා භෞතික සම්පත් කළමණාකරණයේ ද සුවිශේෂී ගැටළු පවතී. පවතින වාතාවරණය යටතේ ,යෙදවුම් හා පුණරාවර්තන වියදම් සදහා මූල්‍යමය දායකත්වය සපයා ගැනීමේ අපහසුව ඇත. කෙසේ වුවද පාසල සතුව කුඹුරු ඉඩමක් පවතින නිසාත්, , ආපන ශාලා ගොඩනැගිල්ලක් වේ නම් ආපන ශාලව පවත්වා ගැනීමද වාසි දායක වේ. එහෙත් ආපන ශාලාව පවත්වා ගන්නේ කුඩා කාමරයක වේ.ඉඩ කඩ ඇති ක්‍රීඩා පිටියක් ද සහිතය.මෙවැනි තත්වයක පවතින අප පාසල ජාතික පාසල් දහස අතර වර්ධනය වීමෙන් ප්‍රදේශයට විශාල මෙහෙයක් කරනු ඇතැයි ප්‍රාර්ථනා කරමු.
|
ආරම්භ කළ වර්ෂය |
1967 මැයි 17 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
36 |
|
මුල් ගුරුතුමාගේ නම |
ජේ.ඩී.කරුණාවතී |
|
පාසලේ ආදි කතෘගේ නම |
එස්.පී.සමරක්කොඩි |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
02 |
|
පාසලේ නම |
අ/මහසෙන් ජාතික පාසල |
|
පාසල භාරව කටයුතු කිරීම |
ඒ.ඒ.අබේනායක |
|
පාසල රජයට පවරාගත් දිනය |
1967 මැයි 17 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
රාජාංගණය හංදිය,නව ගොඩනැගිලි දෙකක |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඩබ්ලිව්.අජිත් පද්මසිරි (ඇතුලත්වීමේ අංක - 002) |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ලුසීජසින්තා පෙරේරා (ඇතුලත්වීමේ අංක - 001) |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1967 මැයි 17 |