විදුහල්පති,ඒ.ඒ.අබේනායක මහතා |
අ/මහසෙන් ජාතික පාසල
අ/ රාජාංගනය යාය 13/14 මහසෙන් මහ විද්‍යාලය වර්ෂ 1967.05.17 දින ආරම්භ කරන ලදී.
අනුරාධපුර දිසස්ත්‍රික්කය හා පුත්තලම දිසත්‍රික්කය වෙන් කරන පැරැන්නන් විසින් භාණ නදිය” යැයි නම් දෙන ලද වර්තමානයේ කලාඔය නමින් ව්‍යවහාර වන කලාඔය නදි ආසන්නයේ අනුරාධපුර බටහිර දොරටුවෙහි පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයට මුහුණ ලා ඉතා සුවිශේෂී භූමි භාගයක පාසල පිහිටා ඇත.උතුරු මැද හා මෙම වයඹ පළාත් මායිමට ආසන්නව පිහිටා ඇති බැවින් පෝෂිත කලාපය පළාත් දෙකටම හිමිකම් කියයි.
කලාඔය ශ්‍රී බෝධිරාමාධිපති ලෙස වැඩ විසූ ගරු කටයුතු කහවේ විමලසිරි හිමිපාණන් වහන්සේ බංකු 12 ක පරිත්‍යාගයෙන් හා මූලිකත්වයෙන් පොල් අතු මඩුවක අප පාසල ආරම්භ වූ වග ඉතිහාසය සාක්ෂි දරයි. ආරම්භක විදුහල්පති ලෙස එස් පී සමරක්කොඩි මයා ධුරයේ කටයුතු කළ අතර 1968.01.27 දින වන විට ස්ථිර ගොඩනැගිලි දෙකක් සහ ගුරු නිවාස තුනක් පැවත ඇත. එවකට පාසල් ශිෂ්‍ය සංඛ්‍යාව 196ක් වූ අතර ගුරු සංඛ්‍යාව 06 කි. 1969 වර්ෂයේ ප්‍රථම වතාවට අපොසාපෙළ විභාගයට සිසුත් පෙනී සිටින ලදී.
මෙලෙස වසර 56 ක කාලයක් උභය පළාත් වාසී දරුවන්ගේ දැනුම් ආකල්ප කුසලතා වර්ධනය කරමින් විවිධ ජයග්‍රහණ අත්පත් කර දී ඇත. දිවයිනේ විවිධ පළාත්වල සිට පස්වය සඳහා පැමිණි උගත් බුද්ධිමත් කුසලතාවලින් පිරුණ ගුරු පිරිසකගේ ධෛර්යවත් විදුහල්පතිවරු සහ අධ්‍යාපන නිලධාරීන්ගේ ද දෙමාපිය ප්‍රදේශ වාසීන්ගේද නොමද සංග්‍රහ ලබමින් විද්‍යාලය, මහ විද්‍යාලය, නවෝද්‍යා විද්‍යාලය ලෙස නම් ලබමින් අභිමානවත්ව ජයග්‍රාහිව පැමිණි ගමන අද වන විට ජාතික පාසලක් බවට පත්ව ඇත
එම ගමනේ පුරෝගාමින් වූ සැමට කෘතගුණය හිමි වන අතර දහසක් ජාතික පාසල් ව්‍යාපෘතිය උරට වෙහෙසෙන සැමටද එම කෘතගුණය පිරීනැමේ
මේ වන විට 3000 කට ආසන්න සිසුන් පිරිසක් ප්‍රාථමික අධ්‍යාපනයේ සිට 13 වසර දක්වා අධ්‍යාපනය ලබන අතර ගුරු භවතුන් 109 ක ප්‍රමාණයක් අධ්‍යයන කටයුතු හා විෂය සමගාමී කටයුතු වල නිරතව ඇත. විවිධ කටයුතු වලදී උපන් හපන්කම් දැක්වීම තුළින් ප්‍රදේශයේ ජනප්‍රියම පාසල බවට පත්ව ඇත.
වර්තමානය වන විට සුවිශේෂ අභියෝග හා ගැටලු රාශියකි. පසුගිය වසර 10 - 15 කාලය තුළ ශිෂ්‍ය ප්‍රජාවේ අධික වර්ධනය නිසා පාසලේ භෞතික සම්පත් මූලික ඉඩකඩ පහසුකම් නොමැති විම, පැරණි ගොඩනැගිලි අලුත්වැඩියා කිරීමේ අවශ්‍යතාව, පංති කාමර විශාල ප්‍රමාණයක සහ විෂය ඒකක විශාල ප්‍රමාණයක ඌණතාවය, නීපාරක්ෂක කටයුතු සදහා පවතින ඒකක ප්‍රමාණය අඩුවීම, විද්‍යාගාර පහසුකම් හිඟවීම, තාක්ෂණාගාරයක් නොමැතිවීම, විද්‍යා අංශයේ ගුරු හිගය වැනි සම්පත් ඌණතා රැසක් මැද වුවද මෑත කාලීනව අත්පත් කරගත් ජයග්‍රහණ රැසකි.
අරාජාංගනය යාය 13/14 මහසෙන් ජාතික පාසලේ අභිමානය ජයග්‍රාහි ලෙස රඳවා තබා ගැනීමට සෞන්දර්ය, ක්‍රීඩා, ජාතික විභාග විෂය සමගාමී සුවිශේෂ වූ ක්‍රියාකාරකමි රැසකින්ම අප පාසල ජයග්‍රහණ අත්පත් කරගැනීමට සමත් වි ඇත. මේ ගතවන සෑම මොහොතක්ම බාධක රැසක් මැද අත්පත් කරගත් සුවිශේෂ වූ අවස්ථාවන්මය
සමාජයට වැඩදායක දැනුම ආකල්ප කුසලතා සහිත ගුණ නැණ බෙලෙන් යුක්ත මානව හිතවාදී පෞරුෂයකින් හෙබි චර්යාත්මක වෙනසක් සහිත යහපත් පුරවැසියෙකු පාසලෙන් දායාද කිරරීම උදෙසා නියෝජ්‍ය විදුහල්පතිවරු, සහකාර විදුහල්පතිවරු, අංශ ප්‍රධාන, ශ්‍රේණි ප්‍රධාන ඇතුලු සියලුම ගුරු මණ්ඩලය, අනධ්‍යන කාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍ය සංගමය, සුබපතන්නන්, දෙමාපියන්, සිසු දරුවන් අත්වැල් බැඳගෙන සිටියි.
විදුහල්පති,
මහසෙන් ජාතික පාසල