සිරිලක රැකගත් පෙර හෙළ විරුවන්
පොහොරින් සරු වුන බිමයි අපේ
මහසෙන් මහ විදුහල් මෑණිය අප
වැජඹේ හෙළ මිණි පහන වගේ //
ගණිත මිණිත අම දහම් පෙළින අප
සනසන නිති ගුණ නැණ සපුරා//
අත්කම් සිත්කම් හුරුවන දෑතින්
ජය ගන්නෙමු පෙර මඟ ඉදුරා
සිරිලක රැකගත් .....
නැණැති ගුණැති දූපුතුන් වඩාගෙන
ඔවදන යහමග නිති දෙවනා //
මහසෙන් විදුහල් ජයබිම අපගේ
රැක ගන්නෙමු පණ නළ ලෙසිනා
සිරිලක රැකගත්.....
දැයට හිතැති යහගුණෙන් යුතුව ඔබ
රැකගමු විදුහල් මෑණියනේ //
ඔබෙනම තෙදියත පතුරමු එක සේ
ඔබ පෙන්වන මඟ ලකුණු දිගේ
සිරිලක රැකගත්...