පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන්ගේ නිල ඇදුම
කමිසය
- අත වැලමිටට අගලක් උඩින් විය යුතුය
- පපු ප්‍රදේශය හොදින් ආවරඅණය විය යුතුය.
- කලිසමට හොදින් යට කල යුතුය.
- පාසල් නිල ලාංඡනය පැළදිය යුතුය.
- සිරුරට ලිහිල්ව තිබිය යුතුය.
- සාමාන්‍ය බැනියම ඇදිය යුතුය.
සුදු දිග කලිසම
- කකුල ෆෝල්ට් අවමය අගල් 16ක් හා උපරිමය අගල් 18ක් විය යුතුය.
- ඉදිරිපස එක් පැත්තකට රැලි දෙකක් විය යුතුය.
- පිටුපස සාමාන්‍ය සාක්කු 01ක් විය යුතුය.
- උකුල් ප්‍රදේශයට ඉහලින් ඇදිය යුතුය.
- ඉන පිහිටිමේ සිට හක් එක දකුණු පැත්තට අගල් 02ක් විය යුතුය
සුදු කොට කලිසම
- සිරුරට ලිහිල් විය යුතුය.
- උකුලට ඉහලින් ඇදිය යුතුය.
- සාමාන්‍ය එක් සාක්කුවක් පිටුපස විය යුතුය.දණ හිසට අගල් 01ක් ඉහළින් විය යුතුය.
සපත්තු
- කළු කැන්වස් සපත්තු(ලේස් සහිතව) හා කළු මේස් පැළදිය යුතුය.
කොණ්ඩය
- කොටට කපා පැත්තට පීරිය යුතුය.

ගැහැණු ළමුන්ගේ නිල ඇදුම
සුදු ගවුම
- සිරුරට ලිහිල්ව තිබිය යුතුය.
- ඉණ ඉණ මත තිබිය යුතුය.
- රැලි එකක පළල අගල් 1.5ක් විය යුතුය.
- ගව්මේ උස දණහිසට පහලින් තිබිය යුතුය.
- ඉණ පටිය අගල් 1.5ක් විය යුතුය.
- අත උඩු බාහුවේ මධ්‍යට තිබිය යුතුය.
- ගවුමේ උඩු කොටසේ අංශය හැඩ නොකල යුතුය.
- සම්මත පාසල් කරපටිය පැළදිය යුතුය.
කොණ්ඩය
- කොණ්ඩය තෙල් ගා මැදින් බෙදා පීරා කරල් දෙකට ගොතා කළු රිබන් පටියකින් ගැට ගසා තිබිය යුතුය.
- කොණ්ඩය ගැට ගැසූ පසු රිබන් පටිය එල්ලෙන සේ තිබිය යුතුය.
- කොට කොණ්ඩය මුහුණට නොවැටෙන සේ පීරා සකස් කළ යුතුය.
- විසිතුරු කොණ්ඩා කටු පැළදීම සපුරා තහනම් වේ.
- එල්ලෙන කරාබු හා ආභරණ පැළදීම තහනම්.සුදු කැන්වස් සපත්තු හා සුදු මේස් පැළදිය යුතුය.
