![]() |
1960 වර්ෂයෙහි මුල් භාගයෙහි හා 1950 දශකයේ මුල් භාගයේ දි ආරම්භ වු ගොවිජනපද ව්‍යාපාරයේ ඉදිකරීම් කටයුතු භාරව කටයුතු කළ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමෙන්තුව විසින් ශාලා දෙකක් සාදා නිමකර දීමට පෙර, කලාඔය ශ්‍රී බෝධිරාජාරාමාධිපති අමරපුර ශ්‍රී සද්ධම්ම වංශ මහ නිකායේ උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක ධූරයෙහි වැඩ විසූ ගරු කටයුතු කහවේ විමලසිරි හිමිපාණන් වහන්සේගේ බංකු 12ක පරිත්‍යාගයෙන් හා මූලිකත්වයෙන්, පොල් අතු මඩුවක මෙම පාසල ආරම්භ වූ වග ආරම්භ ලොග් සටහන් පොතෙහි සටහන්ව ඇත.
