අප පාසලේ පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම මෙවර අනිත සෑම වසරකම වාගේ සිදු වන්නට නියමිතව ඇත.
එහි මූලික වැඩ කටයුතු සාකච්ඡා කිරීම 2023.02.24 වන දින දහවල් 12.00 ට සිදුවිය.තවද සිසුන් බාරගැනීම මාර්තුමස 3
වන් දා සිට 17 වනදා දක්වා සිදුකිරීමට නියමිතය.
උත්සවයේ මූලික වැඩකටයුතු,
* එදින අප පාසලේ ප්‍රධාන දොරටුව අසළින් අලංකාර මල් කලබක් දී අප පුංචි සිගිත්තන්ව පිළිගනු ලබන අතර විදුහල්පතිතුමාගේ
අනුග්‍රහයෙන් සියලු කටයුතු සූදානම් කර ඇත.එදින උදෑසන 9.00 පමණ වන විට උත්සවශ්‍රියෙන් දරුවන්ව සතුටු කර සංග්‍රහයකින් ,
නැටුම් , ගැයුම් , වැයුම් වලින් දරුවන්ගේ සිත පිනවීමට කටයුතු යොදා ඇත.මහාසංඝරතනයේ ආශිර්වාදයෙන් අප සොයුරු සොයුරියන්
පිළිගනු ලබයි.